ශ්‍රී ලංකාවේදී වෙබ් අඩවි නිර්මාණය | විද්‍යුත් වාණිජ්‍ය වෙබ් අඩවි නිර්මාණය |මොබයිල් ඇප්ස් නිර්මාණය | සෙවුම් යන්ත්‍ර සඳහා ප්‍රශස්තිකරණය

#mk-page-title-box-59e6b11950cb2 { height: 90px; background-color: ; text-align: center; background-image: url(""); background-attachment:; background-position:left top; } #mk-page-title-box-59e6b11950cb2 .mk-page-title-box-title { font-size: 28px; line-height: 28px; font-weight: ; color: #000000; padding-bottom: 0px; margin-bottom: 0px; letter-spacing: 2px; } #mk-page-title-box-59e6b11950cb2 .mk-page-title-box-title--underline:after { background: #000000;} #mk-page-title-box-59e6b11950cb2 .mk-page-title-box-subtitle { font-size: 30px; line-height: 30px; font-weight: ; color: ;}

ශ්‍රි ලංකාවේදී සුපිරිතම වෙබ් අඩවි නිර්මාණය
( වෙබ් ඩිසයිනින් )

ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාර සන්නාම විසින් ඔවුන්ගේ දිගු කාලීන තොරතුරු තාක්ෂණ සහකරු ලෙස අපව පිලිගෙන ඇත.

අප විසින් නිමවන අලංකාර , භාවිතයට පහසු, ජංගම අන්තර්ජාල උපකරණයන් ගේත් ක්‍රියාකරණ වේගවත් වෙබ් අඩවි ඔබේ ව්‍යාපාරයේ ප්‍රතිරූපය අන්තර්ජාලයේ මැනවින් සනිටුහන් කරයි.

ඔබේ ව්‍යාපාරය අන්තර්ජාලයට ගෙන යාමට අවශ්‍යය සියලු සේවා එකම තැනකින්. ඊ-මේල්, ඩොමේන් නේම්, හොස්ටින්, ලේඛක සේවා,ප්‍රශ්ස්ථිකරණය ඇතුළු අනෙකුත් අදාළ අවශ්‍යතා සඳහා අපගේ පලපුරුදු විශේෂඥයින්ගේ සහය ඉතා සාධාරණ අයකිරීම් යටතේ ලබාගන්න. .

ශ්‍රි ලංකාවේ  වෙබ් අඩවි නිර්මාණ සමාගම් අතර ඉදිරියෙන්ම සිටින පරිගණක මෘදුකාංග සමාගමක් වන අපගේ සේවා සියල්ලම ගැන දැන ගැනීමට මෙම සබැඳිය වෙත පිවිසෙන්න.

.button-59e6b119518e1 { margin-bottom: 0px; margin-top: px; min-width: 0px !important; } .button-59e6b119518e1 { border-color: #fc8600 !important; color: #fc8600; } .button-59e6b119518e1:after { background-color:#fc8600; } .button-59e6b119518e1:hover { border-color: !important; color: #000000 !important; } .button-59e6b119518e1:hover:after { background-color:; } .button-59e6b119518e1:hover i { color: #000000; }

අන්තර්ජාලය තුල වානිජ්‍ය ගණුදෙනු සහ ගෙවීම් ක්‍රම
( ඊකොමර්ස් සහ පේමන්ට් ගේට්වේ ඉන්ටග්‍රේෂන් )

සම්ප්‍රදායික ප්‍රදර්ශනාගාර වෙළඳාමෙන් ඔබ්බට ඔබගේ ව්‍යාපාරය ගෙන ගොස් ඔබගේ භාණ්ඩ හා සේවා මිලියන ගණනක් අන්තර්ජාල පාරිභෝගිකයන් වෙත පැය විසි හතරේම අලෙවිකර කෙඩිට් කාඩ් හෝ වෙනත් ගෙවීම් මගින් මුදල් ක්ෂණිකවම ලබාගන්න.

සම්පත් බැංකුව, සෙලාන් බැංකුව ඇතුළුව ඕනෑම දේශීය හෝ විදේශීය බැංකුවක් මගින් ලබාගන්නා ලද ගෙවීම් ක්‍රමයක් ඔබගේ වෙබ් අඩවියට සම්බන්ධ කරගන්න. වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.

වෙබ් හොස්ටින්, ඊමේල්, වෙබ් ලිපිනය ආදී අත්‍යාවශ්‍ය සියලු දේ අපගේ වාණිජ වෙබ් අඩවි පැකේජයේ නොමිලේ ම සැපයේ. අලුතින් අරඹන වෙලෙඳ වෙබ් අඩවි සඳහා මෙය ඉතා ප්‍රයෝජනවත්ය.

විද්යුත් වාණිජ වෙබ් අඩවි නිර්මාණයේ ඉහල අත්දැකීම් ඇති අප හා එක්ව ඔබගේ ව්‍යාපාරය නව ලොවට රැගෙන යන්න.

.button-59e6b11951e15 { margin-bottom: 0px; margin-top: px; min-width: 0px !important; } .button-59e6b11951e15 { border-color: #fc8600 !important; color: #fc8600; } .button-59e6b11951e15:after { background-color:#fc8600; } .button-59e6b11951e15:hover { border-color: !important; color: #000000 !important; } .button-59e6b11951e15:hover:after { background-color:; } .button-59e6b11951e15:hover i { color: #000000; }
.full-width-59e6b11950f55 { min-height:100px; padding:0px 0 10px; margin-bottom:10px; } #background-layer--59e6b11950f55 { background-position:left top; background-repeat:repeat; ; }

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විසදුම් සංවර්ධනය

සෑම ව්‍යාපාරයකටම තොරතුරු කළමණාකරනය අත්‍යවශ්‍ය වෙයි. ව්‍යාපාරික තීරණ ගැනීමේදී වැදගත් තොරතුරු වන කළමනාකරණ දත්ත ක්ෂණිකව ලබා ගැනීමට හැකි වීම සාර්ථකාර්ථක ව්‍යාපාරයක්ට අත්‍යවශ්‍ය කරුණකි.

ඔබගේ ව්‍යාපාරික දත්ත අවශ්‍යය වෙලාවට, අවශ්‍ය අයට පමණක් ක්ෂණිකව ලබා ගැනීමට හැකි ලෙස අන්තර්ජාල මෘදුකාංග නිපදවීම වෙබ් ඩිවෙලොප්මෙන්ට් නම් වෙයි. දත්ත ගබඩා, ආරක්ෂක උපක්‍රම, කලමනාකරණ වාර්තා ආදියෙන් සමන්විත වෙබ් ඇප්ලිකේෂන් එකක් මගින් ඔබේ ව්‍යාපාරයේ වේගයත්, නිවැරදි භාවයත් වැඩි කරගත හැකිය.

උදාහරණයක් ලෙස ඔබ ප්‍රවාහන සේවාවක් සිදු කරන්නේ නම් , අලවි නිලධාරීන්ට ලබාදෙන ස්මාර්ට් ෆෝන් එකක් හෝ ටැබ්ලට් එකක් මගින් පිවිසිය හැකි වෙබ් මෘදුකාංගයක් භාවිතා කර ප්‍රවාහන අවස්තාවක විස්තර සිදුවන විටම ලබාගත හැකිය. මෙමගින් කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමත් වංචා දූෂණ අඩු අඩුව වීමක් සිදු වේ. ලිපිද්‍රව්‍ය භාවිතාව අඩුවීම තවත් වාසියකි.

ලෝකයේ කුමන ස්ථානයක සිටියත් ඔබගේ ව්‍යාපාර තොරතුරු සජීවීව ලබාගැනීමට හැකිවීම මෙහි ඇති අනෙක් වාසියයි. නිතර අලුත් වෙන කළමණාකරණ වාර්තා මගින් ව්‍යාපාර තත්වය සහ ගැටළු කලින්ම හඳුනා ගැනීමට හැකිවීමෙන් ව්‍යාපාරය ලාභදායක ලෙස පවත්වාගෙන යා හැක.

ඔබගේ ව්‍යාපාරයත් සුපිරි වෙබ් විසඳුම් පද්ධතියක් වෙත රැගෙන ‍යාමට අත්දැකීම් සහිත මෘදුකාංග ආයතනයක් වන අප අද ම අමතන්න.

.button-59e6b11952a65 { margin-bottom: 0px; margin-top: px; min-width: 0px !important; } .button-59e6b11952a65 { border-color: #fc8600 !important; color: #fc8600; } .button-59e6b11952a65:after { background-color:#fc8600; } .button-59e6b11952a65:hover { border-color: !important; color: #000000 !important; } .button-59e6b11952a65:hover:after { background-color:; } .button-59e6b11952a65:hover i { color: #000000; }
web development company srilanka strategy banner
.full-width-59e6b119522fd { min-height:100px; padding:0px 0 10px; margin-bottom:10px; } #background-layer--59e6b119522fd { background-position:left top; background-repeat:repeat; ; }
Web design sri lanka standards

ඔබගේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් අවශ්‍ය වන්නේ ඇයි?

අන්තර්ජාලය අද ලෝකයේ ප්‍රමුඛතම තොරතුරු මාධ්‍යයයි. මුද්‍රිත පුවත්පත් සඟරා භාවිතය කෙමෙන් අඩුවී යන යුගයක ව්‍යාපාර තම තොරතුරු ප්‍රචාරය කරන මූලිකම මාධ්‍යය ලෙස අන්තර්ජාලය පත්වී ඇත. ජංගම දුර දුරකථනවල දියුණුවීමත්, අඩුමිල අන්තර්ජාල සම්බන්ධතාත් මේ සඳහා මූලිකවම බලපා ඇත.

සම්ප්‍රදායික දැන්වීම් මාධ්‍ය මෙන් නොව අන්තර් අන්තර්ජාලයේ ඔබගේ වෙබ් අඩවිය පැය විසි හතරෙම වසර පුරාම ක්‍රියාත්මක වන දැන්වීම්ක් වෙයි. ඔබගේ තොරතුරු අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර හරහා සොයාගත හැකි ලෙස පවත්වාගෙන යාම ඔබගේ වෙබ් අඩවියේ මූලිකම කාර්යයි. මෙමගින් ඔබගේ භාණ්ඩ හා සේවා සොයන මිලියන ගණනක් පාරිභෝගික පිරිස් වෙත ඔබගේ ව්‍යාපාරය විවෘත වෙයි.

ආකර්ශනීය වෙබ් අඩවිය පවත්වාගෙන යාම ඔබගේ ව්‍යාපාරයේ ප්‍රතිරූපය ඉහළ නංවන්නකි. උසස් තත්වයේ වෙබ් අඩවියක් ඔබගේ ව්‍යාපාරය තාක්ෂණිකව යාවත්කාලීන බවත් නවීන ලෝකයේ සමග තරගකාරී ලෙස ඉදිරියට පැමිණ ඇති බවත් පෙන්වා සිටියි.

ඔබ විදේශීය වෙළෙඳපොළ සඳහා භාණ්ඩ හා සේවා සපයන ආයතනයක් නම් අන්තර්ජාතික තත්වයේ වෙබ් අඩවියක් පවා පවත්වාගෙන යාම ඔබගේ ගනුදෙනුකරුවන් ආකර්ශනය කර ගැනීමට ඇති පහසුම මාර්ගය යි.

ඔබගේ ආයතනයට වෙබ් අඩවියක් නැති වීම ව්‍යාපාරික අවස්ථා අහිමි වීමට හේතු විය හැකිය. තාක්ෂණයෙන් උසස් සිත් ඇදගන්නා සුලු වෙබ් අඩවියක් සාධාරණ මිලට සාදවා ගැනීමට අපව අමතන්න.

.button-59e6b11955f4c { margin-bottom: 0px; margin-top: px; min-width: 0px !important; } .button-59e6b11955f4c { border-color: #fc8600 !important; color: #fc8600; } .button-59e6b11955f4c:after { background-color:#fc8600; } .button-59e6b11955f4c:hover { border-color: !important; color: #000000 !important; } .button-59e6b11955f4c:hover:after { background-color:; } .button-59e6b11955f4c:hover i { color: #000000; }
.full-width-59e6b11954796 { min-height:100px; padding:0px 0 10px; margin-bottom:10px; } #background-layer--59e6b11954796 { background-position:left top; background-repeat:repeat; ; }

උසස් තත්වයේ ආකර්ශනීය වෙබ් අඩවියක් සාදා ගන්නෙ කෙසේද?

ටිම් බර්නර්ස්-ලී 1991 දී ප්‍රථම වෙබ් අඩවිය සාදන ලදී. එතැන් සිට විවිධ තාක්ෂණික දියුණුවීම් මගින් අද වනවිට වෙබ් අඩවියක් යනු ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වී ඇත.

ප්‍රවෘත්ති, අධ්‍යාපනික තොරතුරු, විනෝදාස්වාදය, ක්‍රීඩා, සෞඛ්‍ය සේවා, රාජ්‍ය පරිපාලන සේවා ඇතුළු ජන ජීවිතයට සම්බන්ධ දහසකුත් දේවල් අන්තර්ජාලය හරහා පහසුවෙන් ළඟා විය හැක.

ඔබගේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී පළපුරුදු ආයතනයක සහය ලබාගැනීම නුවණට හුරු වේ. එසේ වන්නේ එය ඔබේත් ව්‍යාපාරයේත් ලෝකයට විවෘත මුහුනත වන නිසා එය සුළුකොටකොට තැකිය නොහැකි නිසාය. ඔබ ව්‍යාපාරය හා ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙක් පලමුව කරන්නේ ඔබට වෙබ් අඩවියක් ඇත්දැයි ගූග්ල් වැනි සෙවුම් යන්ත්‍රයක සොයා බැලීමයි.

එවිට සෙවුම් යන්ත්‍රය ඔබගේ වෙබ් අඩවිය පළමුවන පිටුවේම පෙන්වීම්ට නම් පළමු වශයෙන්ම වෙබ් අඩවිය උසස් ලෙස නිමවා තිබිය යුතුය. එහිදී මූලිකවම වෙබ් අඩවිය වෙබ් තාක්ෂණය යොදාගෙන ඇති ආකාරය මෙන්ම භාවිතයට ඇති පහසුව සහ ජංගම දුර දුරකථන, ටැබ්ලට් ආදී උපකරණවලට සහය දක්වන්නේ ද යන්න මෙන්ම කොපමණ වේගයකින් ඔබගේ වෙබ් අඩවිය දර්ශනය වේ ද යන්න සලකා බැලේ.

සෙවුම් යන්ත්‍රය ඔබගේ වෙබ් අඩවියට යම් කිසි  සෙවුම් වදනක් සඳහා කොපමණ ප්‍රමුඛතාවක් ලබා දෙන්නේද යන්න සඳහා තවත් බොහෝ දේ සල්කා බලන නමුත් මූලිකවම ඉහත කරුණු අසම්පුර්ණ නම් කිසිසේත් හොඳ ප්‍රතිඵල ලබාගත නොහැක. එමනිසා තාක්ෂණික භාවිතයත් වෙබ් අඩවි‍යේ අලංකාරයත් සමබර ලෙස පවත්වාගත හැකි අත්දැකීම් බහුල වෙබ් නිර්මාණ සමාගමක් සමග මුුල සිටම අත්වැල් බැඳ ගැනීම ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට හේතුවෙයි.

.full-width-59e6b11956447 { min-height:100px; padding:0px 0 0px; margin-bottom:10px; } #background-layer--59e6b11956447 { background-position:left top; background-repeat:repeat; ; }

සෙවුම් යන්ත්‍ර සඳහා ප්‍රශස්තිකරනය ( SEO )
(සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන්)

ඔබගේ වෙබ් අඩවියේ අඩංගු භාණ්ඩ,සේවා හෝ තොරතුරු ගූග්ල් ඇතුළු සෙවුම් යන්ත්‍රවලින් පහසුවෙන් සොයා සොයාගත හැකි ලෙස වැඩිදියුණු කිරීම මෙම සේවයෙන් ඉටුකෙරේ.

එකම අකාරයේ භාණ්ඩ හා සේවා සපයන සමාගම් රාශියක් වෙබ් අඩවි පවත්වාගෙන යන බැවින් ඔබගේ ආයතනයේ වෙබ් අඩවිය අදාළ සෙවීම් සඳහා පළමු පිටුවේ දර්ශනය වීමට නම් තරඟකාරී සමාගම් වල වෙබ් අඩවියකට වඩා ඔබගේ වෙබ් අඩවිය තොරතුරැ අතින් පොහොසත් වියයුතු සේම, සෙවුම් යන්ත්‍ර වැදගත් යැයි සලකන සියලුම කරුණු ඉතා හොඳින් සපුරා තිබිය යුතුය.

මේ සඳහා අත්දැකීම් බහුල විශේෂඥයින්ගේ සහාය අවශ්‍ය වේ. අපගේ ගූගල් සමාගමෙන් සහතිකලත් තාක්ශණික නිළධාරියෙකු ලවා ඔබගේ වෙබ් සයිට් එක නොමිලේ පරික්ෂා කරවාගෙන SEO පැකේජයක් නිර්දේශ කරවා ගන්න. එහි ප්‍රතිඵල ලෙස වෙබ් අඩවියේ නරඹන්නන් සංඛ්‍යාව ඉහළ යන අතර වෙබ් අඩවිය හරහා ලැබෙන ව්‍යාපාරික අවස්ථා සහ ගනුදෙනු ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන ඔබට දැකගත හැකිය.

seo engineer referring seo report sri lanka
Seo engineer referring seo report sri lanka
.full-width-59e6b1195b839 { min-height:100px; padding:0px 0 0px; margin-bottom:10px; } #background-layer--59e6b1195b839 { background-position:left top; background-repeat:repeat; ; }
Mobile app developer designing an app on paper using a pen
Mobile app developer designing an app on paper using a pen

ජංගම යෙදුම් සංවර්ධනය (Android/iOS)
මොබයිල් ඇප් ඩිවෙලොප්මන්ට්

මිලියන 23 කට වඩා වැඩි ජන්ගම දුරකතන සම්බන්ධතා ශ්‍රී ලංකාවේ දැනට ඇත. ක්‍රියාකාරී අන්තර්ජාල පරිශීලකයින්ගේ ගණන මිලියන 5 ඉක්මවයි. ශ්‍රී ලංකිකයෝ මිලියන තුනහමාරක් facebook භාවිත කරති.

මෙම තත්වය දෙස බැලූවිට ව්‍යාපාරික තොරතුරු තාක්ෂණ විසඳුම් සඳහා ජංගම මෘදුකාංග යෙදුම් යොදා ගැනීම කෙතරම් ප්‍රායෝගිකදැයි පෙනේ.

පරිගණකයේ භාවිතා කිරීමට තරම් තොරතුරු තාක්ෂණ දැනුමක් නොවේ නොමැති කෙනෙකුට වුවත් ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි ස්මාර්ට් ෆෝන් මෘදුකාංගයක් ( ඇප් ) මගින් යම්කිසි නිශ්චිත කාර්යයක් කරවා ගැනීමට හැකිය. කුලී රථ ගෙන්වාගැනීමේ මෘදුකාංග වන උබර් සහ පික්මී ඇප්ස් මීට හොඳ උදාහරණයි.

සුළුවෙන් ආරම්භ කළ ජංගම මෘදුකාංග මත ගොඩනැඟුණු මෙම ව්‍යාපාර අද බිලියන ගණන් මුදල් උපයන යන්ත්‍ර බවට පත්වී ඇත. ඔබටත් ජංගම මෘදුකාංගයක් සදහා සුදුසු සංකල්පනාවක් ඇතිනම් පමා නොවී අදම අප සමග එය ගොඩ නැගීම අරඹන්න.

.full-width-59e6b1195d7da { min-height:100px; padding:0px 0 100px; margin-bottom:10px; } #background-layer--59e6b1195d7da { background-position:left top; background-repeat:repeat; ; }

ශ්‍රී ලංකාවේ ජූම්ලා තොරතුරු කළමනාකරන පද්ධතිය මගින් වෙබ් අඩවි නිර්මාණය

ජූම්ලා යනු ක්‍රියාකාරී වෙබ් අඩවි නිර්මාණය සඳහා යොදාගත හැකි නිදහසේ භාවිතා කළ හැකි මෙවලමකි. එය හරහා වෙබ් අඩවියේ අන්තර්ගතය( කොන්ටෙන්ට් ) , සූචිය(මෙනු) , පින්තූර ( ඉමේජස්), මූල දත්ත(මෙටා ඩේටා), පරිශීලකයින් ( යුසර්ස්) , මුරපද (පාස්වර්ඩ් ) ඇතුළු සියලුම කටයුතු කළමනාකරණය කළ හැක.

වෙබ් නිර්මාණකරුවකු පින්තූරයක් ලෙස ෆොටොෂොප් ආධාරයෙන් නිමවූ වෙබ් අඩවි මෝස්තරය ( ඩිසයින් එක) HTML සහ CSS කේත භාවිතයෙන් වෙබ් පිටුවක් ලෙස සකස් කෙරේ. මෙම වෙබ් පිටුව joomla පද්ධතිය මතට සැකිල්ලක් ( template) ලෙස සැකසීම් ඊළඟ පියවරයි. විධිමත් ලෙස සකස් කළ joomla වෙබ් අඩවියක් ඉතා පහසුවෙන් යාවත්කාලීන (අප්ඩේට්) කළ හැක. මෙනු අයිතම එකතු කිරීමත් පින්තූර එකතු කිරීම් හෝ වෙනස් කිරීම ඉතා පහසුවෙන් කල හැක.

joomla පද්ධතිය ‍ලංකාවේ රාජ්‍ය වෙබ් අඩවි සඳහා නිර්දේශිත තොරතුරු කළමනාකරණ පද්ධතියයි. අප සමාගම මගින් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වෙත නිර්මාණය වෙබ් අඩවිය දිනපතා නරඹන්නන් විසිදහසකට අධික පිරිස්කට සේවය සලසයි.

ජූම්ලා මගින් වෙබ් අඩවි නිර්මානය සඳහා ‍ලංකාවේ ප්‍රමුඛයා වන අප සමඟ වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට අදම අමතන්න.

.full-width-59e6b1195f565 { min-height:100px; padding:30px 0 130px; margin-bottom:10px; } #background-layer--59e6b1195f565 { background-position:left top; background-repeat:repeat; ; }

ශ්‍රී ලංකාවේදී වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවි නිර්මාණකරුවෝ
( වර්ඩ්ප්‍රෙස් වෙබ්සයිට් ඩිවෙලොප්මන්ට් )

වෙබ් අඩවි සෑදීමට ගන්නා තාක්ෂණයන් ගෙන් ඉතාම ජන ජනප්‍රිය මෙවලමකි wordpress. මෙය මූලිකවම පෞද්ගලික වෙබ් අඩවි, බ්ලොග් සහ අනෙකුත් කුඩා පරිමාණයේ වෙබ් අඩවි නිර්මාණයට මුල් කාලවලදී යොදා ගත්තත් මෙහි ඇති භාවිතයේ පහසුව සහ සෙවුම් යන්ත්‍ර වලට දක්වන සහයෝගය නිසා දැන් දැන් සියලුම වර්ගයේ වෙබ් අඩවි සෑදීමට යොදා ගත් හැකි ලෙස දියුණු කර ඇත.

මෙහි මූලිකම පහසුකම් ලෙස ඉතාම පහසුවෙන් වෙබ් සවරයක් මත ස්ථාපිත කරගත් හැකි වීමත්, පරිගණක දැනුම් ඉතාම අඩු අයට වුවත් භාවිතා කළ හැකි වීමත් දැක්විය හැකියි. පාලක පුවරුවට ඇතුලත් වීම මගින් wordpress වෙබ් අඩවියක ඇති සියලුම තොරතුරු සහ පින්තූර ඉතා පහසුවෙන් වෙනස් කිරීම් හෝ ඇතුළත් කිරීම කළ හැකිය.

එසේම wordpress භාවිතයෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමත් ඒ තරම් අපහසු කටයුත්තක් නොවෙයි. මූලික වෙබ් අඩවිය ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කළහැකි plugin බොහොමයක් නොමිලයේ ම ලබාගගත හැකියි. ලොව පුරා විහිදී සිටින දහස් ගණනක් wordpress පරිශීලකයෝ මෙහි දියුණුවට සම්මාදම් වෙති.

විද්‍යුත් වාණිජ්‍යය වෙබ් අඩවි, ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය වෙබ් අඩවි, ව්‍යාපාරික අයතන වෙබ් අඩවි , අධ්‍යාපනික වෙබ් අඩවි ආදී ඕනෑම වර්ගයක වෙබ් අඩවියක් අඩු වියදමකින් සාදා ගැනීමට භාවිතා කළ හැක.

දිගුකාලීන wordpress development සමාගම්ක් වන අප සමග ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කර ගන්න. මෙම තාක්ෂණය උපරිම ලෙස ඔබගේ ආයතනයේ දියුණුවට භාවිත කර ගන්නට නම් එම වෙබ් අඩවිය හැකර්වරුන්ගෙන් ආරක්ෂා වන ආකාරයටත් ජංගම දුර දුරකථන වල දර්ශන්ය වන ආකාරයට මෙන්ම වේගයෙන් ක්‍රියා කරන ලෙසටත් සෑදීමට අපගේ විශේෂඥයින් වගබලා ගනී.

.full-width-59e6b1195fdb9 { min-height:100px; padding:30px 0 130px; margin-bottom:10px; } #background-layer--59e6b1195fdb9 { background-position:left top; background-repeat:repeat; ; }

ශ්‍රි ලංකාවේදී මැජෙන්ටෝ පද්ධතිය මගින් ඊ-වානිජ්‍ය වෙබ් අඩවි නිර්මානය
( මැජෙන්ටෝ ඊකොමර්ස් වෙබ්සයිට් ඩිවෙලොප්මන්ට් )

මැජෙන්ටෝ යනු ඊ-වානිජ්‍ය වෙබ් අඩවි ලෝකයේ විශිෂ්ටතම නිදහස් මෘදුකාංග පද්ධතියයි.
නොමිලේ බාගත කර භාවිතා කළ හැකි අනුවාදයක් සහ මුදල් ගෙවා භාවිතා කළ යුතු වාණිජ අනුවාදයකින් ද ලබා ගත හැකිය.

මැජෙන්ටෝ නිසඟයෙන්ම ගෙන එන විශේෂාංග ගණන විස්මයජනකය. සාර්ථක විද්‍යුත් වාණිජ වෙබ් අඩවියක් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම දේ මෙහි අඩංගුයිි.

නිදහස් මැජෙන්ටෝ පද්ධතිය භාවිතා කර විද්‍යුත් වාණිජ වෙබ් අඩවි නිර්මාණය කිරීම්ට ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත මෘදුකාංග ඉන්ජිනේරුවකු ගේ සහය අවශ්‍ය වෙයි.

මැජෙන්ටෝ පද්ධතියට පිළිබඳ දිගුකල් අත්දැකීම් සහිතව අප සමඟ ඔබගේ ජාලගත ව්‍යාපාරය විශ්වාසයෙන් ආරම්භ කරන්න

.full-width-59e6b119604f2 { min-height:100px; padding:30px 0 130px; margin-bottom:10px; } #background-layer--59e6b119604f2 { background-position:left top; background-repeat:repeat; ; }

අපගේ වෙබ් නිර්මාණ සේවා ඔබේ ව්‍යාපාරය වර්ධනය කිරීමට යොදා ගන්නේ කෙසේද?

නවීන ලෝකයේ වැදගත්ම ප්‍රචාරණ මාධ්‍යය අන්තර්ජාලයයි. පාරිභෝගිකයෝ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම්ට පෙර ගූග්ල් වැනි සෙවුම් යන්ත්‍රයක් ආධාරයෙන් මිල ගනන්, භාණ්ඩවල ඇති විශේෂාංග, වගකීම් කාලය සහ මුදලට ලැබෙන වටිනා වටිනාකම ආදී දේ සසඳා බලති.

ඔබේ ව්‍යාපාරයේ අන්තර්ජාල භාවිතය ඔබගේ වෙබ් අඩවියත් , සමාජ ජාල ගිණුම් , වීඩියෝ වෙබ් අඩවි , බ්ලොග් , ගෙවීම් සේවා, ක්ලව්ඩ් සේවා ආදී අන්තර්ජාලයේ බොහෝ කොටස් සමග උපාය මාර්ගික ලෙස සම්බන්ධ කර උපරිම ප්‍රතිලාභ ලැබෙන ලෙස කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුම් සහ අත්දැකීම් අප ඔබ සමගින් බෙදාහදා ගනිමු.

අප සමඟ ගනුදෙනු කරන ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට අන්තර්ජාලයෙන් ලබාගත් හැකිය සියළුම සහය ඔබට ඉදිරිපත් වී කිරීම්ට අප කැපවී සිටිමු.

සාමාන්‍ය ව්යාපාරික ගනුදෙනුවකින් ඔබ්බට සුහදශීලී හර්දයාංගම සේවයක් සැලසීම අපගේ ඉලක්කයයි. ඔබගේ ආයතනයට අවශ්‍ය තොරතුරු තාක්ෂණික උපදේශන නොමිලේම ලබා ගැනීමට අපව අමතන්න.

  • වෙබ් අඩවි නිර්මාණය
  • වෙබ් මෘදුකාංග සංවර්ධනය
  • විද්‍යුත් වාණිජ්‍ය වෙබ් අඩවි නිර්මාණය
  • ගෙවීම් පද්ධති සම්බන්ධ කිරීම්
  • සෙවුම් යන්ත්‍ර සඳහා ප්‍රශස්තිකරනය
  • ජංගම මෘදුකාංග නිර්මාණය
  • වෙබ් අඩවි සඳහා ලිවීම
  • වෙබ් අඩවි භාෂාවලට පරිවර්තනය කිරීම
  • joomla / wordpress වෙබ් අඩවි නිර්මාණය
  • වෙබ් හොස්ටින් සහ email පහසුකම්, SSL සහතික
  • සමාජ වෙබ් අඩවි ගිණුම් පවත්වාගෙන යාම
  • විද්‍යුත් දැන්වීම් කළමනාකරණය ( PPC)
  • වෙබ් අඩවිවල ආරක්ෂාව වැඩි දියුණු කිරීම්
  • පහරදීම් වලට ලක්වනු වෙබ් අඩවි නැවත ගොඩනැගීම
#list-style-59e6b11963ea2 ul li:before { font-family:Pe-icon-line; content: "\e647"; color: }
  • ආයතනික වෙබ් අඩවි
  • විද්‍යුත් වාණිජ්‍ය වෙබ් අඩවි
  • නිෂ්පාදන නාමාවලි සහ ව්‍යාපාර ව්‍යාපාර අතර වෙබ් අඩවි
  • ජංගම මෘදුකාංග සඳහා වෙබ් අඩවි
  • පුද්ගලික චරිතාපදාන
  • වාස්තු විද්‍යා / ඉංජිනේරු වෙබ් අඩවි
  • විනෝදාස්වාද වෙබ් අඩවි
  • නිර්මාණ නියෝජිත ආයතන සඳහා නිර්මාණාත්මක වෙබ් අඩවි
  • නිශ්චල දේපල, සවිස්තර හා වෙන්දේසි වෙබ් අඩවි
  • ගනුදෙනු, කූපන් වෙබ් අඩවි
  • රාජ්‍ය නොවන සංවිධාන වෙබ් අඩවි
  • අරමුදල් රැස් කිරීම, පුණ්‍යායතන වෙබ් අඩවි
  • පාසැල් සහ විශ්වවිද්යාල වෙබ් අඩවි
  • වෙනත් විශේෂ වෙබ් අඩවි
#list-style-59e6b1196425f ul li:before { font-family:Icomoon; content: "\e1c1"; color: }
  • ජූම්ලා
  • වර්ඩ්ප්‍රෙස්
  • මැජෙන්ටෝ
  • ප්‍රෙස්ටාෂොප්
  • වර්ටූමාට්
  • වූකොමර්ස්
  • ඕපන්කාර්ට්
#list-style-59e6b119645e2 ul li:before { font-family:FontAwesome; content: "\f085"; color: }
  • සම්පත් බැංකුව
  • සෙලාන් බැංකුව
  • එච් එස් බී සී
  • හැටන් නැෂනල් බැංකුව
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
  • කොමර්ෂල් බැංකුව
  • වෙනත ඕනෑම ප්‍රසිද්ධ ගෙවීම් ක්‍රමයක්
#list-style-59e6b119648dd ul li:before { font-family:FontAwesome; content: "\f00c"; color: }
.full-width-59e6b11960b47 { min-height:100px; padding:10px 0 10px; margin-bottom:10px; } #background-layer--59e6b11960b47 { background-position:left top; background-repeat:repeat; ; }

වෙබ් අඩවියක් සාදා ගැනීමේදී වන වියදම් සහ ඒවා අවම කර ගත හැකි ක්‍රම

වෙබ් අඩවියක් සාදා ගැනීමේදී  සහ ඉන්පසු පවත්වාගෙන යාමේදී වියදම් සිදුවිය හැකි  ආකාර කිහිපයකි.

  • වරක් පමණක් වන විය වියදම්
  • වාර්ෂික හෝ මාසිකව පුනරාවර්තනය වන වියදම්
  • භාවිතා කරන ප්‍රමාණය මත වන වියදම්
  • හදිසි වියදම්

 

වෙබ් අඩවියක් සෑදීමට යන සම්පූර්ණ වියදම ගැන සවිස්තරාත්මකව දැන ගැනීමට පහත සබැදියට පිවිසෙන්න.

web design costs sri lanka
web-design-trends-google-vr-sr-lanka

ව්‍යාපාර වලට වැදගත් විය හැකි අන්තර්ජාලයට එක් අලුතින් එක්තු වන නව තාක්ෂණ

අප ජීවත් වන්නේ තාක්ෂණය සහ විද්‍යාව ඉතා සීඝ්‍රයෙන් දියුණුවන අවධියකය. එම දියුණුව අන්තර්ජාලයේ භාවිතය මෙන්ම එහි අත්දැකීම ද ශීඝ්‍රයෙන් වෙනස් කරමින් පවතී.

මුලින් පින්තූර සහ අකුරු වලින් පමණක් සමන්විත වුනු අන්තර් අන්තර්ජාලය පසුව වීඩියෝ , තත්‍යකාලයේ සිදුවන සංවාද , ඉතා විශාල ගණනක් පුද්ගලයන් එකවර සහභාගී වන මාර්ගගත වීඩියෝ ක්‍රීඩා ( MMORPG ), සජීවී වෙන්දේසි ආදි වශයෙන් සංකීර්ණ තාක්ෂණික හැකියාවන් සහිත සුවිශේෂී මාධ්‍යයක් බවට පත්විය.

එතනිනුත් එහාට පරිශීලකයාගේ අත්දැකීම ගෙන යමින් මෑතක සිට ජනප් ජනප්‍රිය වන 360° video මෙන්ම වැඩි දියුණු කළ යථාර්ථ ( augmented reality ඔග්මන්ටඩ් රියැලිටි) , අතත්‍ය යථාර්ථය ( virtual reality, වර්චුවල් රියැලිටි) යනාදිය අන්තර්ජාලයේ ව්‍යාපාරික භාවිතාවත් වෙනස් කරමින් පවතී.

මෙසේ දියුණු වන තාක්ෂණික හැකියාවන් සමග අපගේ ඉංජිනේරුවන් නිතරම යාවත්කාලීන වෙයි. එමඟින් ලැබෙන තාක්ෂණ වාසිය අපගේ ගනුදෙනුකරුවන් වෙත ලබාදීම නිරන්තරව සිදු කරමු. මේ සම්බන්ධව දැනුවත් වීමට නිතර අපගේ බ්ලොග් අඩවිය හා සම්බන්ධවන්න. අපගේ මාසික ඊමේල් ලිපියට එකතු වීමෙන් මෙම තොරතුරු නොවරදවා ලබාගත් හැක.

.full-width-59e6b119666cd { min-height:100px; padding:30px 0 30px; margin-bottom:10px; } #background-layer--59e6b119666cd { background-position:left top; background-repeat:repeat; ; }

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂ වෙබ් අඩවි පැකේජය.

ඔබගේ ව්යාපාරය සදහා අලුතින් වෙබ් අඩවියක් සෑදීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ දැනට තිබෙන වෙබ් අඩවිය වෙනුවට වඩාත් හොඳ වෙබ්-අඩවියක් සෑදීමට බලාපොරොත්තු වන්නේ නම් අපගේ විශේෂ වෙබ් අඩවි පැකේජය ඔබ සඳහාමයි.

සැඟවුුණු ගාස්තු රහිත මෙම විශේෂ වෙබ් අඩවි පැකේජය නොමිලේ ලැබෙන බොහෝ පහසුකම් වලින් සමන්විතයි.

FREE SERVICES FOR START-UP COMPANY WEB DESIGN PROJECTS

  • නොමිලේ වෙබ් ලිපිනය ( .කොම් )
  • නොමිලේ වෙබ් උපාය මාර්ග උපදේශනය
  • නොමිලේ Cpanel වෙබ් සත්කාරක ( hosting / හෝස්ටින්) වසර 1 ක් සඳහා
  • නොමිලේ SSL සහතිකය (https: //) වසර 1 ක් සඳහා
  • නොමිලේ වෘත්තීය ඊමේල් ගිණුම් 5
  • වෙබ් අඩවියට නොමිලයේ ඡායාරූප / ග්රැෆික්ස්
  • ලාංඡනය නිර්මාණය සහ අනෙකුත් සැලසුම් මත වට්ටම්
  • අන්තර්ගත ලේඛනය / පරිවර්තන සඳහා වට්ටම්
#list-style-59e6b119688d2 ul li:before { font-family:Icomoon; content: "\e112"; color: }

ඔබගේ ව්‍යාපාරයේ වර්ධනය පිණිසම සැලසුම් කල මෙම පැකේජය ගැන වැඩිදුර තොරතුරු පහත සබැඳියෙන් ලබා ගන්න.

Small Business Start-up Web-design package free hosting, email etc
.full-width-59e6b119682df { min-height:100px; padding:30px 0 30px; margin-bottom:10px; } #background-layer--59e6b119682df { background-position:left top; background-repeat:repeat; ; } .full-width-59e6b119682df .mk-video-color-mask{ background: ; /* Old browsers */ background: -moz-linear-gradient(top, 0%, #1e73be 100%); /* FF3.6+ */ background: -webkit-gradient(linear, left top, left bottom, color-stop(0%,), color-stop(100%,#1e73be)); /* Chrome,Safari4+ */ background: -webkit-linear-gradient(top, 0%,#1e73be 100%); /* Chrome10+,Safari5.1+ */ background: -o-linear-gradient(top, 0%,#1e73be 100%); /* Opera 11.10+ */ background: -ms-linear-gradient(top, 0%,#1e73be 100%); /* IE10+ */ background: linear-gradient(to bottom, 0%,#1e73be 100%); /* W3C */ filter: progid:DXImageTransform.Microsoft.gradient( startColorstr="", endColorstr="#1e73be",GradientType=0 ); /* IE6-8 */ }

This page is also available in: enEnglish (English) siසිංහල taதமிழ் (දමිළ)

Contact Us

Send us a quick message, we will get back to you as soon as we see it.

Start typing and press Enter to search